Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සියලු පක්ෂ ජනපති සමඟ සාධාරණව කටයුතු කළ යුතුයි

Author(s): 
උපාලි කරුණාරත්න

රට තුළ ඇතිවී තිබෙන දේශපාලන අස්ථාවරත්වය විසඳීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ සියලු පක්ෂ සාධාරණව කටයුතු කළ යුතු බව කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ ප්‍රකාශ කරති.

උන් වහන්සේ එසේ ප්‍රකාශ කළේ ඊයේ(19) පස්වරුවේ බොරැල්ල අගරදගුරු මැදුරේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගරදගුරු තුමා -   මේ අවස්ථාවේ සෑම ශ්‍රී ලාංකිකයකුගේ සිත්වල තිබෙන පණිවිඩය මමත් ප්‍රකාශ කරනවා. රට තුළ සිදුවන දේශපාලන කුළල් කා ගැනීම් හා විවිධ දේශපාලන කණ්ඩායම් පිල්වලට බෙදී බලය තහවුරුකර ගැනීමට අනුගමනය කරන ක්‍රමවේදය දැන් නවතා දැමිය යුතුයි.

සියලු පක්ෂ නියෝජනය කරන දේශපාලන නායකයන් රට පිළිබඳ, ජනතාව ගැන මේ අවස්ථාවේ සිතා කටයුතු කළ යුතු අතර පවතින දේශපාලන තත්ත්වය දිගටම පැවතියොත් ගැටලු ඇති වෙන බව පෙනෙනවා. මේ පිළිබඳ මල්වත්ත මහ නායක හිමියනුත් අදහස් පළ කළා. මේ අවස්ථාවේදී දේශපාලනඥයන් රටට තිබෙන ආදරය ඉදිරියෙන් තබා ගෙන සහ රට ආරක්ෂා කරගෙන රට දියුණු කරන්න කටයුතු කළ යුතුයි.

ජනාධිපතිතුමාට රට පාලනය කරන්න තව කාලයක් තිබෙනවා. ඒ නිසා ජනාධිපතිතුමා සමඟ එක්වෙලා පවතින ගැටලු විසඳා ගැනීමට සියලුම පක්ෂ සාධාරණව කටයුතු කළ යුතු බව අප ප්‍රකාශ කරනවා.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();