Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මැතිවරණ ප්‍රතිඵල ප්‍රමාදය ගැන කොමිසම සමාව ඉල්ලයි

මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම මහ ජනතාවගෙන් සමාව ඉල්ලයි.

ඡන්ද මධ්‍යස්ථානවලින් ලැබෙන ප්‍රතිඵල අනුව මැතිවරණ ප්‍රතිඵල ස්වයංක්‍රීයව යාවත්කාලීන වීම සඳහා යාන්ත්‍රණයක් සකසා තිබූ නමුත් සැලසුම් කළ පරිදි අදාළ දත්ත නොලැබීම නිසා මෙම තත්ත්වය උද්ගත වී යැයි සිය නිල වෙබ් අඩවිය ඔස්සේ සහ මාධ්‍ය ආයතන වලට නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිසම කියයි.

මේ හේතු නිසාවෙන් මැතිවරණ ප්‍රතිඵල ස්වයංක්‍රීයව යාවත්කාලීන කළ නොහැකි යැයි ද ඒ නිසා පරිගණක පද්ධතියෙන් බැහැරව අදාළ ප්‍රතිඵල ලේඛන අතින් සකස් කිරීමට සිදුව ඇතැයි ද කොමිසම වැඩි දුරටත් කියා සිටි.

සුභාෂීණී සේනානායක,රක්ෂණ ශ්‍රියන්ත සහ අනුර ප්‍රේමලාල් 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();