නුවරඑළිය මහ රෝහල් මෘත ශරීරාගාරයේ තිබු මෘත ශරීර මීයන් විසින් සපා කන බව ප්‍රදේශවාසීන් චොදනා කර තිබේ.
රාගල ප්‍රදේශයේ තරුණයෙකු දියේ ගිළී ජීවිතක්ෂයට පත්ව නුවරඑළිය මහරෝහලේ මෘතශරීරාගාරයේ තැන්පත් කර තිබු අතර ඔහුගේ මෘතශරීරය පසුදින බාර ගන්නා අවස්ථාවේ පාදයේ කොටසක් මියන් විසින් කා දමා තිබු බවට ඥතින් චෝදනා කර ඇත.
මේ පිළිබඳව අදහස් දැක්වු රාගල ප්‍රදේශයේ මල් ශාලා සේවකයෙකු පැවසුවේ තමන් බාර ගන්නා අවස්ථාවේදි මෙම මෘතශරීරයේ පාදයේ කොටසක් ඇට සැකිල්ල දක්වා සපා තිබු බවයි.
ඉකුත් මස පහලොස් වන දින හයිෆොරස්ට් ප්‍රදේශයේදී ගෙල වැලලාගෙන මිය ගිය තරණයෙකුගේ සිරුර මල් ශාලාවට රැගෙන එන විට නාසය සම්පුර්නයෙන්ම මියන් විසින් කා දමා තිබු අතර මෘතශරීරයට තමන් විසින් කෘත්‍රිම නාසයක් සවිකොට ඥාතින් වෙත බාර දුන් බවත්ය.


0 Comments