Ticker

6/recent/ticker-posts

Header Ads Widget

නිදහස් සමරු වොලිබෝල් මකුළුගස්වැව නාඋල ශ්‍රී නාග විදුහල් ශූරතා දිනයි

මාතලේ දිසා පාසල් නිදහස් සමරු වොලිබෝල් තරගාවලියේ බාලක ශූරතාව දිනා ගැනීමට ගලේවෙල මකුළුගස්වැව මහ විදුහල සමත්වූ අතර බාලිකා ශූරතාව නාඋල ශ්‍රී නාග ජාතික පාසලට හිමිවිය. මාතලේ වසන්ත අලුවිහාරේ ක්‍රීඩා පදනම විසින් සංවිධාන කළ මේ තරගාවලිය බාලක බාලිකා කණ්ඩායම් 28ක සහභාගීත්වයෙන් පසුගියදා මාතලේ බර්නාඩ් අලුවිහාරේ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

මෙහිදි බාලක අවසන් මහා තරගයේදී මඩවල උල්පත ද්විතියික පාසල් පිල 3-0කින් පරාජය කිරීමට මකුළුගස්වැව මහ විදුහල් පිල සමත් විය. ලකුණු තත්ත්වය වූයේ 25/20, 26/24 හා 25/22කි. ශූරතාව දිනු මකුළුගස්වැව ම.වි පිල තිවංක ශ්‍රීනාත් විසින් මෙහෙයවිය. බාලිකා අවසන් මහා තරගයේදී දූල්ලෑව ම.වි. පිල 2-0කින් (25/17 හා 25/21) පරාජය කිරීමට නාඋල ශ්‍රී නාග ජාතික පාසල් පිලට හැකිවිය. ශූරතාව දිනු ශ්‍රී නාග පිල දේශානි සංසලා නෙත්මිණි විසින් මෙහෙයවුවාය. ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ මාතලේ දිසා ක්‍රීඩා සම්බන්ධිකරණ නිලධාරි තිලක් විමලසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මේ තරගාවලියේ ආරාධිත අමුත්තන් ලෙස වසන්ත අලුවිහාරේ ක්‍රීඩා පදනමේ ලේකම් එරික් හුලංගමුව, තරග සංවිධායක රංජිත් අලුවිහාරේ යන මහත්වරු එක්වුහ.

අසෝක හිදගොඩ
මාතලේ දිසා විශේෂ

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();