ඇත්ත හෙළි කිරීමෙන් පසු කිරුළ දෙවැනියාට
විසි දෙහැවිදිරි මෝස්තර නිරූපන 'ශිල්පියෙකු' , ' රූ රැජින ' තරගයක් ජයග්‍රහණය කර සුළු මොහොතකින් එම කිරුළ නැවත ලබා ගත් පුවතක් කසකස්තානයෙන් වාර්තා වේ. ඒ අසත්‍ය තොරතුරු සැපයීම හේතුවෙනි.
සමාජ මාධ්‍ය ජාලයකට පමණක් සීමා වුණ මෙම තරගයට ඇරීනා ඇලියේවා නමින් පෙනී සිටි ඉලයි ඩයගිලෙෆ් ෂිම්කන්ට් අන්තර්ජාල රූ රැජින ලෙස කිරුළු පැළදුවේය. ඔහු තරගයට ඉදිරිපත් කළ ඡායාරූපයට දෙදහසකට අධික පිරිසක් කැමැත්ත පළ කර ඇත. ඒ අනුව වැඩි පිරිසකගේ කැමැත්තෙන් ඇලියේවා දකුණු කසකස්ථානයේ ෂිම්කෙන්ට් හි අන්තර්ජාල රූ රැජින ලෙස කිරුළු දරා ඇත.
ඩයගිලෙෆ් තමන් පුරුෂයෙකු බව හෙළි කළේ තරගයේ අවසන් වටයට තේරී දින දෙකකට පසුවය. ඒ හේතුවෙන් ඔහුගේ කිරුළ ආපසු ලබා ගෙන දෙවෙනි ස්ථානයට පත් අයිකෙරිම් ටෙමිර්කනොවා හට ලබා දී ඇත.
0 Comments