Ticker

6/recent/ticker-posts

Header Ads Widget

දෙඅත් ගැටගසා අමානුෂික ලෙස පහරදී සෙල්ෆි ගසමින් ආදිවාසී මධූව ඝාතනය කරයි – වීඩියෝව මෙන්න

මධූ නමැති ආදිවාසී නායකයෙකු ඝාතනය කළ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
ඒ මෙම ආදිවාසී නායකයා විසින් වෙළඳසැල්වල භාණ්ඩ සොරකම් කිරීමේ සිද්ධියක් නිසා බවයි වාර්තා වන්නේ.
ඉන්දියාවේ කේරල ප්‍රාන්තයෙන් මෙම සිද්ධිය අපිට වාර්තා වුණා.
පසුගියදා ගම්වාසීන් විසින් මෙම පුද්ගලයාව වනගත ප්‍රදේශයකට රැගෙන ගොස් තිබුණ අතර එහිදී ඔහුට පහරදීම් සිදුකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නනේ.
පහරදීමෙන් පසුව ගම්වාසීන් විසින් මොහුව පොලිසියට බාරදෙන්නට යන අතරතුර මෙම ආදිවාසී නායකයා මරණයට පත්ව තිබෙනවා.
නමුත් ඔහුගේ මරණය පහරදීමකින් සිදුවූවාද යන්න තවමත් නිශ්චිතව ප්‍රකාශ කර නැහැ.
මොහු විසින් හොරකම් කරන අයුරු කැමරාවලට පටිගතවී ඇති බවද සඳහන්.
ඒ අනුවයි ප්‍ර දේශවාසීන් විසින් මෙම ආදිවාසී නායකයාව සොයාගෙන ගොස් ඇත්තේ.
ඔහු සොරකම් කළ බවට පැවසෙන භාණ්ඩ අතර සහල් සහ කිරිපිටි පැකට්ටුවක් වන බවයි අනාවරණ වී ඇත්තේ.
මෙම ආදිවාසී සාමාජිකයාගේ දෙඅත් ගැටගසා පහරදීමට පෙර කිසියම් තරුණයෙක් ලබාගත් සෙල්ෆි ඡායාරූපයක් ද සමාජ මාධ්‍යයට එක්වී තිබෙනවා.
මෙම සිද්ධියට ජනප්‍රිය කලාකරුවන් මෙන්ම ග්‍රන්ථ රචකයන්ගේද විරෝධතා එල්ලවී ඇති බව මාධ්‍ය වාර්තා කරනවා.

118 215



from Gossip Lanka News & Video http://ift.tt/2sVsToH
via internet

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();