Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ANC ජේකොබ් සූමා ඉවත් කිරීමට තීරණය කරයි

දකුණූ අප්‍රිකානු ජනාධිපති ජේකොබ් සූමාගේ අනාගතය පිළිබද තීරණය කිරීමට ඒ එන් සී පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින් සාකච්ඡාවක් පවත්වා ඇතැයි බීබීසි පුවත් සේවය වාර්තා කර ඇත.

එම පක්ෂයේ ජාතික විධායක කමිටුව ඔහුට ජනාධිපති ධූරයෙන් ඉවත් විම සදහා දින දෙකක කාලයක් ලබා දී ඇති බව වාර්තා වේ.

මේවන විට 75 වියේ පසු වන ජනාධිපති සූමාගේ 2009 වර්ෂයේ සිට වසර 09ක පාලන කාලය තුල ඔහුට එරෙහිව දූෂණ චෝදනා රැසක් එල්ලවී ඇත.

පසුගිය දෙසැම්බර් මාසයේදී උප ජනාධිපති සිරිල් රමෆෝසා ඒ එන් සී පක්ෂයේ නායකත්වයට පත්විය. ඒ සමග සූමාට ජනාධිපති ධුරයෙන් ඉවත්විමට දැඩි පීඩනයක් එල්ල වන බව වාර්තා වේ.

ජේකොබ් සූමාගේ තීරණය මෙතෙක් දැනුම් දී නොමැත.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();