Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පොලිසියේ හා සිවිල් ආරක්ෂක 75,000ක් මැතිවරණ නීති කඩන්නේදැයි සොයති

2018 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව ප්‍රතිඵල නිකුත් වීමත් සමඟ පෙළපාළි යාම ඇතුළු මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්පූර්ණයෙන් තහනම් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. මැතිවරණ නීති උල්ලංඝණය කරන්නන්ට එරෙහිව නීති මඟින් කටයුතු කිරීමට පොලිස් කණ්ඩායම් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී නිතිඥ රුවන් ගුණසේකර මහතා පවසයි.

පශ්චාත් මැතිවරණ කාලය තුළ සාමකාමී තත්ත්වයක් වාර්තා වන බවත් එහෙත් පෙළපාළි යාම් සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් පසුවන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

ඡන්ද විමසීමට අදාළව ඊයේ (11) දිනයේ දී ජංගම සංචාර, කැරලි මර්දන කණ්ඩායම් හා මාර්ග බාධක ආරක්ෂක කටයුතු එලෙසින්ම ක්‍රියාත්මක කරන බවත් දිවයින පුරා පවතින පොලිස් කොට්ඨාස 42ක ඡන්ද රාජකාරී සඳහා පොලිස් නිලධාරින් 65,000කට අධික ප්‍රමාණයක් යොදවා සිටි අතර පොලිස් නිලධාරීන්ට අමතර ව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ භටයින් 5900කට ආසන්න ප්‍රමාණයක් හා විශේෂ කාර්යය බලකායේ 4,000ක් පමණ යොදවා ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි, නීතිඥ රුවන් ගුණසේකර මහතා වැඩිදුරටත් කියා සිටි.

සුභාෂිණී සේනානායක 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();