Ticker

6/recent/ticker-posts

Header Ads Widget

විස්සයි20 තරගාවලියෙන් කුසල් ජනිත් ඉවතට

බංග්ලාදේශයට එරෙහිව හෙට (15) ආරම්භ වන තරග 2කින් සමන්විත විස්සයි20 තරගාවලියට ශ්‍රී ලංකා පිලේ ප්‍රහාරාත්මක පිතිකරු කුසල් ජනිත් පෙරේරා ක්‍රීඩා නොකරන බව ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

පාදයේ ආබාධයකට ලක්වී සිටින කුසල් ජනිත් පෙරේරාට තව දුරටත් විවේකය අවශ්‍යවී ඇති බැවින් මේ තරගාවලියෙන් ඉවත් කිරීමට වෛද්‍ය උපදෙස් ලැබී තිබේ. බංග්ලාදේශ තුන්කොන් එක්දින තරගාවලියේ සිම්බාබ්වේ පිල සමග පැවැති දෙවැනි තරගය අතරතුර ඔහු ආබාධයකට ලක්විය.

හෙට ආරම්භ වන විස්සයි20 තරගාවලියට සහභාගි වන ශ්‍රි ලංකා පිලේ සෙසු ක්‍රීඩකයන් පෙරේදා බංග්ලාදේශය බලා පිටත්වූ අතර කුසල් ජනිත් ඊට ඇතුළත් නොවීය. ඔහු වෙනුවට කුසල් මෙන්ඩිස් ක්‍රීඩා කිරීමට නියමිතය. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();