Ticker

6/recent/ticker-posts

Header Ads Widget

20/20න් කුසල් ඉවතට - කුසල් ඇතුළට

කුසල් ජනිත් පෙරේරා, බංග්ලාදේශයට එරෙහි පන්දුවාර 20/20 ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

බංග්ලාදේශයට එරෙහිව නම් කළ 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතයට කුසල් ජනිත් පෙරේරා ඇතුළත් ව සිටියේය.

කෙසේ නමුත් ඔහු තාවකාලිකව තරගබිමෙන් ඉවත් ව සිටියේ, බංග්ලාදේශයේ පැවැති තුන් කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේදී ආබාධයකට ලක්වීම හේතුවෙනි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිකුත් කළ නිවේදනයේ දැක්වූයේ, වෛද්‍ය උපදෙස් මත කුසල් ජනිත් පෙරේරා, ඉදිරියේදී පැවත්වීමට නියමිත පන්දුවාර 20/20 තරගාවලියෙන් ඉවත් කළ බවයි.

ඔහු වෙනුවට කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකා සංචිතයට කැඳවන බව ද එම නිවේදනයේ වැඩිදුරටත් දක්වා ඇත.

තරග දෙකකින් සමන්විත ශ්‍රී ලංකා – බංග්ලාදේශ පන්දුවාර 20/20 තරගාවලිය ලබන 15 වන දා ආරම්භවීමට නියමිත වේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();