එක්සත් ජාතික පක්ෂය තීරණය කරයි
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් ජාතික ආණ්ඩුව වසර 2020 වනතෙක් පවත්වාගෙන යෑමට එක්සත් ජාතික පක්ෂය ඊයේ (11) තීරණය කෙළේය.
ජාතික ආණ්ඩුවේ ප්‍රධානතම පක්ෂය වන එක්සත් ජාතික පක්ෂය ගත් මෙම තීරණය එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවේ සිටින සියලූ පක්ෂවල නායකයන්ට දැනුම් දීමට නියමිතය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉහත තීරණය දැනුම් දීම සඳහා ඊයේ (11) සන්ධ්‍යාවේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද හමුවිය.
මහා නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ප්‍රතිඵල නිකුත් කිරීමෙන් අනතුරුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් සමඟ අරලිය ගහ මන්දිරයේ දී ඊයේ (11) දහවල් මෙම සාකච්ඡා පැවැත්වීය.
එහිදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික ආණ්ඩුව වසර 2020 වනතෙක් පවත්වාගෙන යෑම සඳහා එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් එකඟතාව පළ කර තිබේ. පළාත් පාලන ඡන්ද ප්‍රතිඵලවලින් ජාතික ආණ්ඩුවට ලබා දී තිබෙන පණිවුඩ කෙරෙහි දැඩි අවධානය යොමු කර ඉදිරි දින කිහිපයේ දී වෙනස්කම් කිරීම සඳහා ප්‍රබල තීරණ කිහිපයක් ගැනීමට ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම සාකච්ඡාවේ දී තීරණය වී තිබේ.
ජීවන වියදම, විරැකියාව, දූෂණ වංචාවලට එරෙහිව පියවර ගැනීම ආදී කරුණු පිළිබඳව මෙහිදි දීර්ඝ වශයෙන් සාකච්ඡා විණි.
0 Comments