Ticker

6/recent/ticker-posts

Header Ads Widget

විමල්ට එරෙහි නඩුව මැයි 16දා යළි කැඳවයි

Author(s): 
කුමුදු හෙට්ටිආරච්චි

තම ආදායමෙන් උපයාගත නොහැකි රුපියල් මිලියන හැත්තෑපහක මුදල් හා දේපළවල හිමිකාරීත්වය දැරූ බවට අධි චෝදනා ලැබ සිටින ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමෙන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට එරෙහි නඩුව ලබන මැයි 16 වැනිදා යළි කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ඊයේ (19) නියෝග කළේය.

මෙම නඩුව ඊයේ (19) කැඳවූ අවස්ථාවේ විත්තිකාර විමල් වීරවංශ මහතා අධිකරණය හමුවේ පෙනී සිටි අතර පැමිණිල්ල විසින් නඩු විභාගය සඳහා අවශ්‍ය ලේඛන විත්තිය වෙත ලබාදුනි.

සිද්ධීන් තිස්හයක් පාදකකර ගනිමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විත්තිකාර විමල් වීරවංශ මහතාට එරෙහිව චෝදනා නගා ඇත.

2009 වසරේ සිට 2014 අතර කාලය තුළ විත්තිකරු සිය ආදායමෙන් උපයාගත නොහැකි මුදල් හා දේපළවල හිමිකාරීත්වය දැරූ බවට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විත්තිකරුට එරෙහිව වැඩිදුරටත් චෝදනා නගා ඇත.

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමේ සහකාර අධ්‍යක්ෂිකා සුමිත්‍රා ජයසිංහ මහත්මිය පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අතර ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ මහතා විත්තිකරු වෙනුවෙන් පෙනී සිටියේය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();