නෙල්කා මැදගෙදර
ඇමැතිවරයකු ලෙස කටයුතු කළ වසර හයක කාලය තුළ සිය වැටුපෙන් සහ ආදායම්වලින් උපයාගත නොහැකි රුපියල් මිලියන 75කට ආසන්න මුදල් සහ දේපළවල හිමිකාරත්වය දැරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතාට එරෙහිව ගංගොඩවිල මහේස්ත්රාත් අධිකරණය හමුවෙහි ඇති මුල් නඩුව වහාම කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කරන ලෙස එහි ලේඛකාධිකාරිවරයාට මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ඊයේ (11) නියම කෙළේ ය.
ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාට එරෙහිව පවරා ඇති නඩුව ලබන ජනවාරි මස 11 වැනිදා විවෘත අධිකරණය හමුවේ කැඳවීමට නියම කෙරිණි.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් පවරන ලද මෙම නඩුව ඊයේ (11) කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය කරන ලදි.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අදි චෝදනා 39ක් යටතේ මෙම නඩුව පවරා තිබුණි.
0 Comments