ඉදිරි දින වලදී වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අපෙක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.
ඌව සහ නැගෙනහිර පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වන අතර මධ්‍යම, සබරගමුව, බස්නාහිර සහ වයඹ පළාත්වල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක සවස 2.00 පසු වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය හැකි බවද සදහන්.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවත් අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව එම දෙපාර්තමේනතුව වැඩිදුරටත් සදහන් කරයි.
0 Comments