Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මහ පාරේ ලොරියක ජීවත් වූ අසරණ පවුලට පිහිට වූ විශ්වකොඩිකාර දන්දීම ගැන කියපු අපූරු කතාව

හිසට සෙවණක් ලබා ගැනීම කියන මූලික අවශ්‍යතාවයවත් සපුරා ගන්න බැරුව අන්ත අසරණ තත්ත්වයකට පත්වූ පවුල් ගැන විටින් විට මාධ්‍ය ඔස්සේ අසන්නට ලැබුණා. එවැනි පුවතකින් දැනුවත් වූ ජනප්‍රිය තරුණ රංගන ශිල්පියෙක් අසරණ පවුලකට පසුගියදා පිහිට වුණා. ඒ රංගන ශිල්පියා තමයි විශ්ව කොඩිකාර. විශ්ව කොඩිකාර තමන්ගේ පියා වන පද්මසිරි කොඩිකාර සමග එක්වෙලයි මේ කටයුත්තට දායක වෙලා තිබුණේ. ඒ ගැන වැඩිදුර තොරතුරු කීවේ මේ අයුරිනුයි.

විශ්ව පසුගියදාක ලොකු පින්කමක් කළා නේද?
ඔව්. අපි හැමෝගේම මූලිකම අවශ්‍යතාවක් තමයි නිවහනක් ලබා ගන්න එක. ඒ වාසනාව නොතිබුණු පවුලකට උපකාරයක් වීමයි මම කරපු ඒ පින්කම. ඉන්න හිටින්න තැනක් නැතුව පරණ අබලන් වෙච්ච වාහනයක ජීවත් වන පවුලක් ගැන පුවතක් දෙරණ නාලිකාවෙන් විකාශය වෙලා තිබුණා. අම්මා ඒක දැකලා මට ඒ ගැන දැනුම් දුන්නේ. පස්සේ මමයි තාත්තයි එකතුවෙලා දෙරණට කතා කරලා ඔවුන්ගේ තොරතුරු අරගෙන ඒ අයට ඉඩමක් පරිත්‍යාග කළා.
බෙලිඅත්තේ ව්‍යාපාරිකයකු වන මධුසංඛ එම ඉඩමෙහි නිවස හදාදෙන්නට ඉදිරිපත් වුණා.

විශ්ව මේවගේ දෙයක් කරපු පළමු වතාව මෙය නොවෙයි නේද?
2013 වසරේ මගේ උපන්දිනය දවසේ පවුල් 5කට පර්චස් 20 බැගින් ඉඩමක් කොටස් කරලා ත්‍යාග කළා. 2014දී පවුල් දෙකකට ඉඩම් ලබා දුන්නා. පූජා භූමියකටත් ඉඩමක් පූජා කළා. මේ වගේ පින් අතේ වැඩ මට අලුත් දෙයක් ‍නෙවෙයි.

විශ්ව මේ වෙද්දී ඉඩම් කොපමණ ප්‍රමාණයක් මේ විදියට දන් දීලා තියෙනවාද?
අක්කර 4ක් පමණ දන් දීලා තිබෙනවා. හැබැයි ඒ ගැන විශේෂයෙන් දෙයක් කියන්න තියෙනවා.

මොකක්ද ඒ… ?
මේ සියලුම ඉඩම් කට්ටි මගේ තාත්තාට (පද්මසිරි කොඩිකාර) අයිති ඒවා. ඒවා කවදාහරි මටයි අක්කටයි තමයි අයිතිවෙන්නේ. අපි දෙන්නයි අම්මයි තුන්දෙනාම තාත්තා කරන කටයුත්තට සහය දුන්නා.

මේ විදියට ඉඩම් කට්ටි පරිත්‍යාග කරන්න හිතුවේ ඇයි ?
තාත්තා පුංචි කා‍ලේ ඉඳන් අපිට ඉගැන්නුවේ ඕනෑම දෙයක් අපිට අවශ්‍ය ප්‍රමාණයට විතරක් තියාගන්න කියලයි. වැඩිපුර තියන දේවල් තවත් කෙනෙකුට දෙන්න කියන පාඩම අපි කුඩා කා‍ලේ දීම ඉගෙන ගත්තු දෙයක්.

විශ්වගේ බිරිඳ මේ කටයුතුවලට මොකද දක්වන ප්‍රතිචාරය?
ඇය මම කරන හැම කටයුත්තකටම උපරිම සහය ලබාදෙන බිරිඳක්. මේ වගේ පුණ්‍ය කටයුතුවලට දායක වෙන්න ඇයත් ගොඩක් ආසයි.

විශ්ව මේ වෙද්දී දරුවෝ දෙන්නෙකුගේ තාත්තා කෙනෙක්. දැන් පවුල් ජීවිතේ වගකීමුත් වැඩිවෙලා නේද?
ඔව්. ලොකු දුවට දැන් අවුරුදු දෙකයි. පුතාට මාස 2යි. ලොකු දුව එයාගේ මල්ලිට ගොඩක් ආදරෙයි. මම ගෙදර ඉන්න වෙලාවට දෙන්නම මට ළංවෙලා ඉන්න තමයි කැමති.

පවුල් ජීවිතයේ වැඩ රාජකාරි රංගන ජීවිතයට බාධාවක් නැද්ද?
අ‍පොයි නෑ, රංගන කටයුතුවලත් මම සුපුරුදු විදියටම යෙදෙනවා. අලුත්ම ටෙලි නාට්‍යයකට පසුගියදා සම්බන්ධ වුණා.



from Gossip Lanka News & Video http://ift.tt/2hdSJiM
via internet

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();