Ticker

6/recent/ticker-posts

Header Ads Widget

දැන් මං පෙම්වතියක්‌ ලබන අවුරුද්දේ විවාහය සිදුවෙනවා – අනුෂා දමයන්ති

ආදරය හංගන්න බෑ නේ ?

දැන් මං පෙම්වතියක්‌.

කවද විතරද මේ පෙම්වතිය බිරින්දෑ කෙනෙක්‌ වෙන්නේ?

ලබන අවුරුද්දේ.

ඔහු මේ ක්‌ෂේත්‍රයට සම්බන්ධ කෙනෙක්‌ද?

ව්‍යාපාර ක්‌ෂේත්‍රයට සම්බන්ධයි කියලා කියමුකෝ අපි.

සැලසුම?

උදාවෙන ජනවාරි මාසේ ඉඳන් තමයි වැඩ ටික සැලසුම් කරගෙන කරන්න හිතාගෙන ඉන්නේ. මොකද මේ ටිකේ මගේ තියෙන වැඩ ටික කරලා ඉවරගන්න තමයි උත්සහ කරන්නේ.

විවාහයෙන් පස්‌සේ ගෙදරට වෙලා ඉන්න කියන යෝජනාව ඔහු කළේ නැද්ද?

නැහැ… කවදාවත් නෑ. ඔහු මගේ වෘත්තියට ආදරය කරන ගෞරව කරන කෙනෙක්‌. ඉතිං මං කැමති විදිහට මගේ වෘත්තීය කරගෙන යන්න කියලා තියෙනවා. මේ හිටියා වගේම මගේ කලා කටයුතු කරගෙන යන්න ඔහු අවසර දීලා තියෙනවා. මොකද ඔහු කලාවට ආදරෙයි.

ඔහු දෙමව්පියන්ගේ තෝරා ගැනීමක්‌ද? ඔබේ තෝරා ගැනීමක්‌ද?

මගේ තෝරා ගැනීම. දෙපැත්තේම දෙමව්පියන්ගේ ආශිර්වාදය හිමිවෙලා තියෙනවා.

දැනටත් ඔබේ ජංගම දුරකථනයට ආන්සර් කරන්නේ ඔබේ අම්මා. යන යන තැන පස්‌සෙන් යන්නේ අම්මා. අනාගතේ මේ රාජකාරි ඔහු භාර ගනීද?

නැහැ. එහෙම වෙන එකක්‌ නැහැ. අවශ්‍ය හැම වෙලාවේම එයා මගේ ළඟ ඉඳි. නමුත් ඔහුගේ ව්‍යාපාර කටයුතු එක්‌ක ඔහුට මං එක්‌ක එහෙම දුවන්න වෙලා නැති වෙයි. ඒ නිසා වෙනදා වගේම මං අම්මිත් එක්‌ක ඒ වැඩවලට යාවි.

ඒ කියන්නේ දුවව දීග දුන්නත් අම්මට ගැලවීමක්‌ නැහැනේ?

ම්… ඔව්නේ. ඒක ඉතිං කොහොමත් එහෙමනේ වෙන්නේ නේද.

අනුෂා දමයන්ති මේ වෙද්දී සිනමාවෙන් දුරස්‌ වෙලාද?

නැහැ. මේ දවස්‌වල ෂූටින්ග්. සීතල යුද්දේ ෆිල්ම් එකේ. මේක එක අතකින් අත්හදාබැලීමක්‌. මේ ෆිල්ම් එක සම්පූර්ණයෙන්ම ග්‍රීන් එකේ තමයි රූගත කරන්නේ. ඒකත් එක්‌තරා විශේෂත්වයක්‌. ඉතිං වියදමත් ටිකක්‌ අධිකයි. අමාරු වැඩක්‌. හැබැයි ලස්‌සන ෆිල්ම් එකක්‌. ඒ වගේම නිශාන්ත වීරසිංහ ගේ අයියයි නංගියි චිත්‍රපටය රූ ගත කිරීම් ඉවර කළා. ලස්‌සන ෆිල්ම් එකක්‌, විදෙස්‌ රටවල පවා රූගත කිරීම් කළ. තව රජානෝ, ඇලකන්දේ මාකස්‌ සහ තවත් චිත්‍රපට හතරක්‌ විතර එන්න තියෙනවා.

ටෙලි නිර්මාණවලට පහුගිය ටිකේ ආරාධනා ලැබුණා නේද?

ඔව්.. දන්කුඩ බණ්‌ඩා කියන නිර්මාණයට මං සම්බන්ධ උනා. ඒක හරිම ලස්‌සනයි. රත්නා කියලා අම්මා කෙනෙකුගේ චරිතයක්‌ මං නිරූපණය කරන්නේ. ඒ වගේම සියත රූපවාහිනියේ මේ වෙද්දි විකාශය වෙනවා ලව් යු බොස්‌’.

The post දැන් මං පෙම්වතියක්‌ ලබන අවුරුද්දේ විවාහය සිදුවෙනවා – අනුෂා දමයන්ති appeared first on Gossip King.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();