Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ලක්‍ෂිකා වෙනස්ම වැඩකට අතගහලා

සිනමා ටෙලි නාට්‍ය පේ‍්‍රක්‍ෂකයන් හට අමතක නොවන නමක් තමයි ලක්‍ෂිකා ජයවර්ධන කියන්නෙ. කටකාර හැඩකාර මේ යොවුන් නිළිය ගැන අලුත් තොරතුරු හොයන්න Gossip King අපි ඇයට කතා කලා.

ඉතිං මේ ලක්‍ෂිකා ඇගේ අලුත් තොරතුරු ගැන Gossip King අපිට කියපු දේවල්

මං මේ දවස් වල අරුණ අබේරත්නගේ අන්දරයාය කියන ටෙලි නාට්‍යයේ වෙනස්ම විදියේ චරිතයකට පන පොවනවා. මං මෙතෙක් කලක් රගපාපු චරිත අතරේ මේක වෙනස්ම කතන්දරයක්. තාමත් මේකේ රූගත කිරීම් සිද්ධ වෙනවා. ඊට අමතරව තවත් ටෙලි නාට්‍ය 04 ක රූගත කිරීම් සදහා සහභාගී වෙනවා

ඇයි ටෙලි නාට්‍ය වලට විතරක්ම දායක වන්නේ?

මුල් කාලේ මගේ ආසාව තිබුනේ ටෙලි නාට්‍ය වලට විතරයි. ඒත් පසු කාලෙක චිත‍්‍රපටයක් රඟපෑවා. ඒකෙන් පස්සේ මං තේරුම් ගත්තා චිත‍්‍රපටවලත් මා සිටිය යුතුයි කියලා. ඒකේ ප‍්‍රතිඵලයක් විදියට මම ලගදි චිත‍්‍රපටයක ප‍්‍රධාන චරිතයක් වෙනුවෙන් කැමැත්ත දුන්නා.

වේදිකා නාට්‍ය ගැන මොනවද හිතෙන්නේ?

ඇත්තටම වේදිකා නාට්‍ය කියන්නේ මං ගොඩක් ආස කරන තවත් එක් තැනක්. පහුගිය කාලේ මං ගොඩක් කාර්ය බහුල වෙච්ච නිසා රගපාන්න ආරාධනා ලැබුනු වේදිකා නාට්‍ය කීපයක් අතාරින්න සිද්ධ වුනා. ඒත් මම මේ වන කොට සරත් දික්කුඹුරගේ සිකුරා කියන වේදිකා නාට්‍යයේ රගපානවා. එහි මංගල දර්ශනය මේ 11 වෙනිදා. පුංචි තියටර් එකේ දී දකින්න පුඵවන්

ඔබ මියුසික් වීඩියෝ වලත් බොහෝ විට දකින්නට ලැබෙනවා නේද?

මං මේ වන කොට මියුසික් වීඩියෝ කීපයක රගපාලා තියනවා. රගපාපු ප‍්‍රමානයට වඩා අතෑරපු මියුසික් විඩියෝ ප‍්‍රමාණය වැඩියි. මොකද මම පිටපත බලලා තමයි ඒකට කැමති වෙනවද අකමැති වෙනවද කියලා තීරණය කරන්නේ. මං ආදරේ තරම්, පමාවෙලා මුණ ගැසුනු නිසා, කියන මං රගපාපු වීඩියෝ දෙක මිනිසුස් අතරට ගියා. ඊට අමතරව ලගදි සකුරා එකේ ජූඞ්ගේ විඩියෝ එකකත් පෙනී හිටියා.

ඔයා තාමත් ඉගෙනගන්නවා කියලා කතාවක් යනවා. මොනවද දැන් ඉගෙන ගන්නේ?

රමනි ප‍්‍රනාන්දු මහත්මිය යටතේ රූපලාවන්‍ය පාඨමාලාවක් හදාරනවා. මොකද මම හරි ආසයි රූපලාවන්‍ය ක්‍ෂේත‍්‍රයට. මොකද මං හරි ආසාවෙන් ඉන්නවා මගේම කියලා සැලෝන් එකක් ආරම්භ කරන්න. ඒකට මම ඉගෙනගෙන ඉන්න ඕන. මම නිළියක් වුන පලියට සැලොන් එකක් දාගෙන නොදන්න දෙයක් කරනවට වඩා දැනුවත් වෙලා ඒ වැඬේ කරන එක හොදයි.

දැන් එතකොට බදින්නේ කවද්ද?

තව කල් තියනවා. ඒ කාලේ ආවම හැමෝටම ඒ ගැන කියන්නම්.

The post ලක්‍ෂිකා වෙනස්ම වැඩකට අතගහලා appeared first on Gossip King.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();