Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පාකිස්ථානයේ 16 හැවිරිදි දැරියක් මහ මග නිරුවත් කර ඇවිද්දලා

ආයුධ සන්නද්ධ පුද්ගලයන් විසින් දහසය හැවිරිදි දැරියකට අඩනිරුවතින් ගම හරහා ඇවිද යාමට බලකිරීමක් හේතුවෙන් පාකිස්තානයේ වයඹ දිග පිහිටි ප්‍රත්‍යන්ත ප්‍රදේශයක ගම්වාසීන් කම්පනයට පත්ව සිටිති.
සිය ‘පවුලේ ගෞරවය යළි ලබා ගැනීම සඳහා’ එසේ කළ බව එම කණ්ඩායම පවසා ඇත.

දැරියගේ සහෝදරයා සහ ඇය සොයා පැමිණි පුද්ගලයන්ගේ පවුලේ සාමාජිකාවක් අතර කලකට ඉහතදී රහස් සම්බන්ධයක් පැවතීම එම දැරිය ඔවුන්ගේ ඉලක්කයක් බවට පත් වීමට එය හේතු වී ඇති බවත් ගම්වාසීහු පවසති.

අගනුවරින් දුර බැහැර පිහිටි ‘චෞද්වාන්’ නමැති ප්‍රදේශයේ දී දැරියට අඩනිරුවතින් ඇවිද යාමට බල කරනු ලැබ ඇත්තේ පසුගිය සතියේදීය.

ඒ පිළිබඳ මාධ්‍යයට වාර්තා වීමත් සමඟ පසුගිය බ්‍රහස්පතින්දා (නොවැ 02) ඒ සම්බන්ධයෙන් සමාජ අවධානයක් යොමු වන්නට විය.

පොලිසිය විසින් පුද්ගලයන් අට දෙනෙකු දැනට අත්අඩංගුවට ගනු ලැබ ඇති අතර නව වෙනි පුද්ගලයා සොයා මෙහෙයුමක් දියත් කරනු ලැබ ඇත.

පොකුණකින් දිය ගෙන ඒමට ගිය අවස්ථාවේ මහදහවල් දැරිය පහර කෑමට ලක් වූ බව ඇසින් දුටුවෝ පවසති.

“ඒ මිනිස්සු අපිව අල්ල ගත්තේ මමයි මගේ ඥාති සොහොයුරියනුයි වතුර කල පුරවගෙන ආපසු එමින් සිටියදී” යයි දැරිය ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට ප්‍රකාශ කළාය.

“ඔවුන් මාව තල්ලු කළා. මම බිම ඇද වැටුනා. ඊට පස්සේ ඔවුන් කතුරුවලින් මගේ ඇඳුම කපන්න පටන් ගත්තා. එක් ඥාති සොහොයුරියක් ඇගේ අතේ තිබු සළුවෙන් මාව ආවරණය කරන්න උත්සාහ කළා. නමුත් ඔවුන් එය උදුර ගත්තා” දැරිය පවසන්නීය.

ඇය ඔවුන්ගෙන් මිදී අසල පිහිටි නිවසක් වෙත දිව යාමට තැත්කර ඇති නමුත් එම කණ්ඩායම ඇය ලුහුබැඳ ඇත.

“මම තොටිල්ලක් ගාව නැමිලා හිටියා. ඒක අල්ලගෙන ඉන්න උත්සාහ කළත් ඔවුන් මාව ඇදලා ගත්තා. අසල්වැසියෙක් මැදිහත්වෙන්න උත්සාහ කළත් ඔවුන් තුවක්කු ගෙන ඔහුටත් තර්ජනය කළා”

මුදා හැරීමට පෙර පැයකට ආසන්න කාලයක් ඇය ඉහත කී පුද්ගලයන්ගේ භාරයේ පසුව ඇති බව ප්‍රදේශවාසීහු සහ පොලිසිය පවසති.

“මගේ මාමා ඒ අසල නිවසක ජීවත් වෙන්නේ. මම එහෙට දුවලා ගිහින් ඇඳුමක් ඇඳ ගත්තා” යනුවෙන් දැරිය සඳහන් කළාය.

දැරිය විසින් ප්‍රහාරය පිළිබඳ ප්‍රාදේශීය මාධ්‍ය වෙත අදහස් දක්වනු ලැබ ඇත්තේ අයගේ මව සහ ඥාති සොහොයුරියන් ඉදිරිපිටදීය.

ප්‍රහාරය පිළිබඳ කණ වැකුණු වහා තමන් සිය දියණිය සොයා දිව ආ බව සැමියා මිය ගිය කාන්තාවක වන දැරියගේ මව පැවසුවාය.

“පාරේ එන විට බැම්මක් ගාව ආයුධ ගත්ත මිනිස්සු ටිකක් හිටගෙන හිටියා. මගේ දුවට මොකක්ද කළේ කියලා මම ඇහුවා. ඒකට උත්තර දෙනවා වෙනුවට මගේ පුතා කොහෙද කියලා ඔවුන් ඇහුවා. ඔවුන් මාව සමච්චලයට ලක් කළා”

‘පළිගැනීම’

වසර තුනකට ඉහත දී ඇති වූ සිදුවීමක් මත ප්‍රහාරය සඳහා පැමිණි පුද්ගලයන්ගේ පවුල, දැරියගේ පවුල සමග අමනාපයෙන් පසුව ඇති බව නම හෙළි කිරීමට අකමැති වූ ගම්වැසියෙක් බීබීසීයට අදහස් දක්වමින් පැවසීය.

“රහස් සම්බන්ධය පවත්වා ගෙන යාම සඳහා ගමේ අයකුගේ දුවක් වෙත ජංගම දුරකතනයක් තෑගී කර ඇති බවට දැරියගේ සහෝදරයට චෝදනා එල්ල වුණා”

ඒ පිළිබඳ හෙළි වීමත් සමග දැරියගේ පවුල වෙත විරෝධය එල්ල වී ඇති අතර, ලේ සෙලවීමක් සිදු වීමට පෙර ඒ සම්බන්ධයෙන් විසඳුමක් ලබා දීම ගම්වැසියන් විසින් වැඩිහිටියන්ගෙන් සැදුම්ලත් සභාවකට පවරනු ලැබ ඇත.

එම වැඩිහිටි සභාව විසින් තරුණයාට පාකිස්තාන් රුපියල් 300,000 දඩයක් නියම කරනු ලැබ ඇති අතර එම මුදල ගෙවීමෙන් පසු එම සිදුවීම අවසානයක් කරා පැමිණ ඇත.

“නමුත් දැන් පේන හැටියට එම තරුණයා සම්බන්ධකම් පැවැත්වූ ගෑනු ළමයාගේ පවුලේ උදවිය අපහාසය ගැන අමතක කර නැහැ. එකට එක කිරීමක් ඔවුන්ට අවශ්‍ය වෙලා තිබෙනවා” ඉහත කී නම හෙළි කිරීමට අකමැති වූ ගම්වැසියා වැඩිදුරටත් සඳහන් කළාය.

උපුටාගැනීමකි!



from Gossip Lanka News & Video http://ift.tt/2lYHjB5
via internet

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();