Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ගාලු කොටුවේ ඇති පැරණිම පාසලක් ඇතුළු රාජ්‍ය ආයතන 15ක් ඉවත් කිරීමට නියෝග

ගාලු කොටුවේ පවතින වසර ගනනාවක් පැරණි ඕල්සෙයින්ට් විද්‍යාලය ඇතුළු රාජ්‍ය ආයතන පහළොවක් දෙසැම්බර් 30 ට පෙර ඉවත් කරන ලෙස නීතිය සහ සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශය දැනුම් දී තිබෙනවා. ගාල්ල දිස්ත්‍රික් ලේකම් වරයාට මෙම නියෝගය කර ඇති අතර, ඉවත් කිරීමෙන් හිස් වෙන ගොඩවැගිලි 4 ක් සංසකෘතික කටුයුතු සඳහාත් අනිත් ගොඩවැගිලි සංචාරක කර්මාන්තයටත් යොදා ගැනීමට නියමිතයි.

ඒ අනුව, ගාල්ල ඕල්සෙයින්ට් විද්‍යාලය, පොලිස් සේවා පුහුණු ආයතනය, මහේස්ත්‍රාත් අධිකරණය, තැපැල් කාර්යාලය සහ හාබර් මාස්ටර් කාර්යාලයත් මීට ඇතුළත් වෙනවා.

ගාලු උරුමය පදනමේ සභාපති චන්න දාස්වත්ත මහතා සඳහන් කළේ තදබදය අවම කිරීම, ඉඩ කඩ පුළුල් කිරීම සඳහා ඕල්සේයින්ට් විද්‍යාලය ඉවත් කරීමට පියවර ගන්නා බවයි. එමෙන්ම පැරණි ගොඩනැගිලි නඩත්තු කිරීමට ඇති අපහසු තාවය හේතුවෙන් එම ගොඩනැගිලි සියල්ල සංරක්ෂණය කර ආර්ථික දේපලක් බවට පත් කරන බවයි ඔහු සඳහන් කළේ.

කෙසේ වෙතත්, ඕල්සේයින්ට් විද්‍යාලය ඉවත් කිරීම සම්බන්ධයෙන් ‍පාසලේ ශිෂ්‍යයින් සහ ආදී ශිෂ්‍යයින්ගෙත් දැඩි විරෝධයක් පවතින බවටයි වාර්තා වෙන්නේ.

The post ගාලු කොටුවේ ඇති පැරණිම පාසලක් ඇතුළු රාජ්‍ය ආයතන 15ක් ඉවත් කිරීමට නියෝග appeared first on Gossip King.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();