පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට අයත් බව කියන ආයතනයක අධ්යක්ෂවරියක් වන ඉරේෂා ද සිල්වා නැමැත්තිය කටුනායක ගුවන් තොටුපලේදී අද අලූයම අත්අඩංගුවට ගෙන තිබෙනවා. වරෙන්තු මත සිටි ඇය ජාත්‍යන්තර පොලීසිය විසින් ඊයේ අබුඩාබිහීදී අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කිරීමට පියවර ගත්තා.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට අයත් බව කියන ආයතනයක අධ්යක්ෂවරියක ලෙස කටයුතු කලේ යැයි කියන ඉරේෂා ද සිල්වා නැමැත්තිය කටුනායක ගුවන් තොටුපලේදී අද අලූයම අත්අඩංගුවට ගනු ලැබුවා. ඇයට එරෙහිව එල්ල වී ඇති චෝදනාව වන්නේ මුදල් විශුද්ධිකරණ පනත යටතේ අයථා ලෙස මුදල් ඉපැයීමයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු 6 දෙනෙකුට එරෙහිව ඊට අදාල නඩුව විභාග වෙමින් පවතින අතර ඊට ඉදිරිපත් නොවී ඇය රටින් පිටවී සිටියා. ඒ අනුව ඇය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වරෙන්තු නිකුත් කළා.
ඉරේෂා ද සිල්වා අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලීසියේ සහාය ගැනීමට මෙරට පොලීසිය ඉල්ලීමක් කර තිබුණා. ඊයේ ඇය ජාත්‍යන්තර පොලීසිය විසින් අබුඩාබිහීදී අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවට පිටුවහල් කරනු ලැබුවා.
ඒ අනුව අද අලූයම 5 ට යුඑල් 208 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපලෙන් දිවයිනට පැමිණියා. පළමුව ගුවන් තොටුපලේ ආගමන විගමන නිළධාරීන් භාරයට පත්වූ ඇය පසුව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයේ නිළධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
වීඩියෝව පහතින්…
The post නාමල්ගේ අධ්‍යක්ෂකවරිය අත්අඩංගුවට ගත් හැටි (Video) appeared first on Gossip King.
0 Comments