Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කොස්ගොඩ භිෂණය අවසන් නොවන හැඩ

කොස්ගොඩදී වෙඩි තබා සිවුදෙනෙක් ඝාතනය කර එක් අයෙක්ට බරපතළ තුවාල සිදුකර ඇත්තේ ඩුබායි හි සිටින මාකඳුරේ මධුෂ්ගේ කණ්ඩායමේ ප්‍රබලයෙක් වන කොස්ගොඩ තාරක ඇතුළු සිව් දෙනෙක් විසින් බව හඳුනාගැනීමට පොලීසියට මේ වන විට හැකිව තිබෙනවා.

මෙම පාතාල ප්‍රහාරය පෙරේදා (29) අලුයම් කාලයේදී කොස්ගොඩ ප්‍රදේශයේ යුදපිටිය, කුරුඳුගම්පියස සහ මැණික් ගම්මානය යන තැන්වලදී එල්ල වී තිබුණා..

එහිදී පියෙකු සහ දරුවන් තිදෙනෙක් යුද පිටියේදීත්, මැණික් ගම්මානයේදී එක් අයෙකුත් ඝාතනය වී ඇති අතර කුරුඳුගම්පියසේදී වෙඩි ප්‍රහාරයට ලක්වුණු අය බරපතළ තුවාල ලබා සිටින බවත් පොලීසිය පැවසුවා.

මෙම වෙඩි ප්‍රහාරයන් තුනම එකම කණ්ඩායමක් විසින් නිවාසවලට පැන එල්ල කර තිබෙන බවයි දැනගන්නට ලැබෙන්නේ. ඩුබායි රටේ සිටිමින් කොස්ගොඩ පැත්තේ පාතාලය මෙහෙයවන කොස්ගොඩ සුජීගේ කල්ලිය සහ මාකඳුරේ මධුෂ්ගේ කල්ලිය අතර පවතින ගැටුමක ප්‍රථිපලයක් ලෙස මෙම සිවු පුද්ගල ඝාතනය සුදුවී ඇති බවට මේ වන විට තොරතුර ලැබී තිබෙනවා.

ඝාතනය වූ අය අතර කොස්ගොඩ සුජීගේ මාමා සහ ඔවුන්ගේ දරුවන් දෙදෙනාද සිටින බවයි පොලීසිය පවසන්නේ. මෙම ප්‍රහාරයට ප්‍රතිප්‍රහාර ලෙස ඉදිරි දින කිහිපය තුළ කොස්ගොඩ ප්‍රදේශයේ පාතාල ගැටුම් උත්සන්න වීමේ අවදානමක් මතු වී ඇති බවට බුද්ධි අංශ විසින් මේ වනවිටත් පොලිස් නිලධාරීන් දැනුවත් කර තිබීමද විශේෂිතයි.

කොස්ගොඩ සුජීගේ පාර්ශවයෙන් එම ප්‍රහාර එල්ල කිරීමට මානබලමින් සිටින බව ආරංචි මාර්ග අනාවරණ වනවා.කොස්ගොඩ ප්‍රදේශයේ ආරක්ෂාව තර කර එම ප්‍රහාරයන් වලක්වා ගැනීමට පොලීසිය පියවර නොගතහොත් මහා ලේ වැගිරීමක් සිදුවනු ඇති බවටත් බුද්ධි අංශ විසින් අනතුරු අඟවා තිබෙනවා.

අත්තිඩියේ පිහිටි පෞද්ගලික බැංකුවට කඩා වැදී බැංකු ආරක්ෂකයාට වෙඩි තබා ඝාතනය කර රුපියල් ලක්ෂ 34 ක් කොල්ලකෑමට පොලීසියට අවශ්‍යව සිටින්නේද කොස්ගොඩ තාරක නමැති පාතාල අපරාධකරුවායි. මීරිගම ප්‍රදේශයේ පිහිටි බැංකුවකට කඩා වැඩි රුපියල් ලක්ෂ 18 ක් කොල්ලකෑම් ඇතුළු අපරාධ ගොන්නකටම කොස්ගොඩ තාරක පොලීසියට අවශ්‍යව සිටින අයෙකි.

කොස්ගොඩ ප්‍රදේශයේ ආරක්ෂාව තර කර එම ප්‍රහාරයන් වලක්වා ගැනීමට පොලීසිය පියවර නොගතහොත් මහා ලේ වැගිරීමක් සිදුවනු ඇති බවටත් බුද්ධි අංශ විසින් අනතුරු අඟවා තිබෙනවා.

කොස්ගොඩ සූජි නැමැත්තා විසින් ඩුබායි සිට ලබාදුන් උපදෙස්වලට අනුව ඔහුගේ ගෝලයන් දෙදෙනෙක් වන කොස්ගොඩ රණා සහ මීටියාගොඩ රාජු නමැති පාතාලයේ කුලී ඝාතකයන් දෙදෙනා මැයි 06 වැනිදාත් මැයි 23 දාත් අතර කාලය තුළ පමණක් මාකඳුරේ මධුෂ්ගේ කල්ලියට සම්බන්ධව සිටි ගාල්ල, කොස්ගොඩ සහ ඌරගස්මංහන්දියේ පස් දෙනෙකුව ඝාතනය කරනු ලැබ තිබුණා.

තවත් අයෙක්ව ඝාතනය කිරීමට සැලසුම් කර අනතුරුව කොස්ගොඩ සුජීගේ උපදෙස් අනුව ජා-ඇල ප්‍රදේශයේ නවාතැන් පොළකට පැමිණ සිටි ඔවුන් දෙදෙනාව ඉකුත් අගෝස්තු මාසයේදී බස්නාහිර පළාත් උතුරු දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුනේ ටී 56 ගිනි අවියක් සමඟින්.

කොස්ගොඩදී පෙරේදා (29) ප්‍රහාරයට ලක්වූවන් අතර ජා – ඇළදී අත්අඩංගුවට ගත් කොස්ගොඩ රණාගේ ඥාතීන්ද සිටින බව පොලිසිය අනාවරණ කරනවා.

The post කොස්ගොඩ භිෂණය අවසන් නොවන හැඩ appeared first on Gossip King.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();