විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් විශේෂ තීරණයක් ගැනීමට ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ හමුවක් අද (26දා) සවස 5.30ට පැවැත්වීමට නියමිතය.
විපක්ෂයේ මන්ත්‍රි ආසන වැඩි ප්‍රමාණයකට හිමිකම් තිබෙන ඒකාබද්ධ විපක්ෂයට, විපක්ෂ නායක ධුරය ලබාදෙන මෙන් කතානායකවරයාගෙන් ඉල්ලීමක් කිරීම සම්බන්ධයෙන් වූ යෝජනාවක් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරු අතරින් ඉදිරිපත් වී තිබීම හේතුවෙන් අද පැවැත්වෙන පක්ෂ නායක හමුවේදී ඒ පිළිබඳ අවසන් තීරණයකට එළැඹීමට බවටද ආරංචිමාර්ග පවසයි.
ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රී .ල.නි.ප. පාර්ශ්වය විපක්ෂ නායකකම ඉල්ලා නොසිටීමට මීට පෙර තීරණය කර තිබුණද පළාත් සභා සංශෝධන පනත පාර්ලිමේන්තුවේදී සම්මත කරගැනීමෙන් පසුව එම තීරණය වෙනස් වී ඇතැයිද ආරංචි මාර්ග සඳහන් කරන අතර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අතුරු වාර්තාව සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ අනෙකුත් පක්ෂ දරන අදහස් පිළිබඳව හා අතුරු වාර්තාව හරහා සම්පාදනය වීමට නියමිතව ඇති ව්‍යවස්ථාව රටටත් ජනතාවටත් කෙසේ බලපාන්නේ දැයි යන්නද මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව ඇත.
The post ඒකාබද්ධය විපක්ෂ නායකකම ඉල්ලන්න යයි appeared first on Gossip King.
0 Comments