කලකට ඉහතදී උපකාරක පන්තියක ගීතයක් ගායනා කර සමාජජාල තුල විශාල ජනප්‍රියත්වයක් දිනාගත් තරුණියක් වන ඕශානී සංදීපා හට මුල්ම ගීතය සදා දුන් ගීත රචක ඩිලාන් ගමගේ විසින් ඔශානී සංදීපා පිළිබදව සිය ෆේස්බුක් ගිණුමේ තැබු සටහනක් මේ වනවිට කතාබහට ලක්ව තිබෙනවා
කිසියම් සංවාදයකට එක්ව තිබෙන ඔශානී සංදීපා සිය මුල්ම ගීතය පිළිබදව සදහන් කිරීමේදී, එම ගීතය පද රචනා කළ ඩිලාන් ගමගේ සහ තනු නිර්මාණය කළ අශාන් ප්‍රනාන්දු හදුන්වා දුන් අකාරය මෙලෙස ඩිලාන් ගමගේ විවේචනය කොට තිබුනා. එහිදි ඇය ඩිලාන් ගමගේ සහ අශාන් ප්‍රනාන්දු හදුන්වා දී තිබුනේ “සිංදුව ලියපු අයියා සහ මෙලඩි එක කරපු අයියා” යනුවෙනි.
ඕෂනි සන්දීපා විසින් ගායනා කර ජනප්‍රිය වූ “අවසාන ප්‍රේමයයි මාගේ” ගීතය රචනා කලේ ඩිලාන් ගමගේ විසින් වන අතර එය ගායනා කලේ දිමංක වෙල්ලාල විසින්. ඇගේ දක්ශතාවය හදුනාගැනීමෙන් පසුව ඩිලාන් විසින් ඇය වෙනුවෙන්ම පෙර ගීතයට ප්‍රතිපිළිතුරු ගීතයක් රචනා කර ඇය ලවා ගායනා කරවූ අතර ඔහු ඒ වෙනුවෙන් ඇයට සියලු පහසුකම් සළසා තිබෙන බවද වාර්තා වේ. එම ගීතයේ සංගීත නිර්මාණය කලේ අශාන් ප්‍රනාන්දු විසින්ය. එම ගීතය ඉතා ඉහළින් ජනප්‍රියවූ අතර ඕෂනි සන්දීපාට ගායන ක්ෂේත්රයේ ඇයගේ සළකුණ තැබීමට ඒ හරහා හැකිවිය.
ඒ පිලිබඳ ඩිලාන් ගමගේ තම ෆේස්බුක් පිටුව හරහා දැක්වූ අදහස්….
මම පහුගිය දවසක ෆේස් බුක්හි දාපු states එකක් නිසා
මේ වෙනකොට බොහෝ අය මාව සම්බන්දකර ගන්න උත්සහ දරනවා.
මෙන්න පොදු උත්තරයක්…
මුලින්ම කියන්න ඕන ඔය ”අවසාන ප්‍රේමයි කියන ගීතයට Female Version එකක් කරන්න අපේ අදහසක් තිබ්බේ නෑ. එත් ඔෂානි නංගි Clz Room එකේ ”අවසාන ප්‍රේමයි” සින්දුව ලස්සනට sing කරන video clip එක හැමතැනම share වෙද්දී අපි හෙවුවා කවුද ඒ කෙනා කියලා.
ඒ වෙලාව වෙනකොටත් දිමංක sing කරපු original Version එක හොඳටම hit වෙලයි තිබුණේ.අමුතුවෙන් ඒ සිංදුව තවත් විදිහකට hit කරන්න අපි කාටවත් අවශ්‍යතාවයක් තිබ්බේ නැ.
.
පස්සේ හොයාගෙන යද්දී තමයි දැන ගත්තේ මේ අපේ ගමේ නංගි කෙනෙක් කියලා.අපේ ගමේ කිහිප දෙනෙක්ට හරි අත දෙන්න මට දැඩි අවශ්‍යතාවයක් තිබ්බා. අපි මේ ගීතය ඒ නංගිට නිර්මාණය කරලා දුන්නේ අශාන්වත් මමවත් සත පහක්වත් නොගෙනයි.
මේ ගීතය හරහා ආශාන්ටවත් මටවත් අමුතු ප්‍රසිද්ධියක්
ලබා ගන්න අවශ්‍ය වුනේ නැ. original සිංදුව තියෙද්දී female Version එකක් කල නිසා ඒ කාලේ දිමංක මල්ලියි මායි අතරේ විරසකයක් පවා ඇති වුණා. ඒ සියල්ලත් දරන් මං උදව් කලේ ගමේ කමට
මම දැක්ක පත්තරේ එක තැනක ඒ නංගි කියලා තියෙනවා. කිසිම Agreement එකක්නැවත් නැතුවයි ඒ සින්දුව කරේ කියලා.
ඒක ඇත්ත. අපි උදව්වක් මිසක් මුල්‍යමය ගනුදෙනුවක් නොකළ නිසා Agreement එකක ගහන්න අවශ්‍යතාවයක් තිබ්බේ නැ.
ඒ සින්දුව out කරේ 2015 සැප්තැම්බර් මාසේ.
එදා සිට මේ වෙනකම් සිංදුව voice කරලා ගියා ගියාමයි ඒ නංගිගෙන් cl එකක්වත් msg එකක්වත් කොහොමද කියලවත් අපෙන් අහලා නැ. සිංදුව out කරාට පස්සේ එයාගේ තාත්තා එක දිගටම මට කතාකරා සිංදුව ප්‍රමෝට් කර ගන්නකම්. සතිදෙකක් විතර. ඊට පස්සේ සිංදුව යනකොට show වැඩි වෙනකොට කතා කරන්න අමතක වෙන්නැති. අවුරුදු එකහමාරකින් විතර show අඩු වෙනකොට මේ අවුරුද්දේ අප්‍රේල් මාසේ කතා කරා තව සිංදුවක් කරන්න. කරපු සිංදු hit නොවූනැම් පස්සේ මුල මතක් වෙලා. ආයේ කොහොමත් සිංදු කරන්න අපේ අදහසක් නැ.
අද ඒ නංගිට හොඳටම මුළ මතක නැ.
අඩුම ගානේ අපේ නමවත් මතක නැ.
ගොඩක් program වල අපේ නමක්වත් කියනවා ඇහිලා නැ. සමහර විට ඒ නංගි බය ඇති අපේ නම කිවුවොත් අපි ප්‍රසිද්ධ වෙයි කියලා.
අපි උදව් කරපු ගොඩක් අය අද හොඳ තැන්වල ඉන්නවා. වැරදුණේ මෙතන විතරයි.
හැකියාව තිබ්බට මදි.
හැදියාව හදා ගන්න….
හැකියාවයි හැදියාවයි දෙකම තිබ්බොත් විතරයි ගමනක් යන්න පුළුවන්…
The post මේ නංගිට මගෙයි අශාන්ගෙයි නම් දෙකවත් මතක නැති හැටි – ඩිලාන් ගමගේ appeared first on Gossip King.
0 Comments